ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි කාන්තාවක් හදිසියේ අසනිපවි මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු. ඒ. පි. එස්. වීරසේකර මහතා පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ අවුරුදු 49යක් වයැසැති සමාරා මාලිනි නැමති මෙම කාන්තාව තවත් පිරිසක් සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමින ඇති බවත්ය.
මෙම පිරිස 22වන දින රාත්‍රියේ ශ්‍රිපාද මළුව වන්දනා කර නැවත නල්ලතන්නිය දක්වා පැමිනෙමින් සිටියදි රතු පාලම අසලදි 23වන දින අලුයම 2.00ට පමන හදිසියේ අසනිපවි මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මිය ගොස් ඇති බවද ඔහු පවසන ලදි.
මෙසේ මිය ගිය අයගේ මල සිරුර පිලිබදව පශ්චාත් මරණ පරික්ෂනය දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලේදි පැවැත්විම සදහා මල සිරුර එම රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවද වීරසේකර මහතා තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්