ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ විසින් මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා  රොබෝ යන්ත්‍ර 2ක් ඊයේ (01)  දින සිට යොදා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත්‍ 2ක් ස්ථාන ගත කර ඇත.

“robot inspection dog” ලෙසින් හඳුන්වන මෙම රොබෝ යන්ත්‍ර චීන මහජන සමුහාණ්ඩුවෙන් ශ්‍රී ලංකා පොලීසිය වෙත පරිත්‍යාග කර ඇත. මෙම එක් රොබෝ යන්ත්‍රයක වටිනාකම රුපියල් කෝටි 8 ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා අප කළ විමසීමකදී පැවසුවේය.

මෙම උපකරණ මඟින් ගුවන්තොටුපල මගීන් හා ගමන් මළු පරීක්ෂාවට ලක් කිරිමට හැකි බවත් විශේෂයෙන්ම  පුපුරණ ද්‍රව්‍ය හා සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමේ හැකියාව ඇති බවද ඒ් මහතා වැඩිදරටත් පැවසුවේය. 1 දා සිට පැය 24 පුරාම මෙම නව උපකරණ ද්විත්වය ක්‍රියාකාරී වන බව වාර්තා වෙයි.

ශානි පොල්ගම්පල

More Stories