සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ කටයුතු අද (17) අලුයම සිට ආරම්භ කළ බව වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
එය ක්‍රියාත්මක වන්නේ, ත්‍රිවිධ හමුදා සහය ඇතිවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා නිරතවන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබී ඇති බුද්ධි තොරතුරු මත පදනම්ව මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය බහුල ප්‍රදේශ ලෙස බස්නාහිර සහ දකුණු පළාත් හඳුනාගෙන ඇතැයි ද වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.