මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජනබලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිධුර පහක් ස්ථිර වශයෙන් හිමි කර ගන්නා බව අපේක්ෂක එම්. උදයකුමාර් මහතා මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. උදයකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
පසු ගිය ජනාධිපති මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය ජය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතායි එම තත්වයන් මත මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජන බලවේගය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්ද ලක්ෂ තුනක් පමන ලබා ගෙන මංත්‍රිධුර පහක් ලබා ගන්නවා.
මේ වන විට වතුකරය ඇතුළු ගම්මාන සමගි ජනබලවේගය කරා එකතු වෙමින් ඉන්නේ පසු ගිය ජනාධිපති මැතිවරණයේදි අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය ලබා දුන්න වතු කරයේ බොහෝ පිරිසක් මේ වන විට අපි සමග එකතු වෙමින් ඉන්නේ.
අද කවුරු මොනවා කිවත් මේ නුවරඑළිය දිස්ත්‍රික්කය ජය ගන්නේ සමගි ජන බලවේගයයි අද වන විට සමගිජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි ජනතාව තුල පවතින්නේ දැඩි විශ්වාසයක් එම තත්වයකන් තුල සමගි ජනබලවේගය මෙවර පාර්ලිමේනුතුවේ වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගෙන පාර්ලිමේන්තු බලය ලබා ගන්නවා.
එසේ ලබා ගන්නා පාර්ලීමේන්තු බලය තුලින් මේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල නව සංවර්ධනයක් තුලින් මෙම ප්‍රදේශයේ ජනතාවට කල යුතු සේවාවන් නිසි ලෙස ඉටු තිරිමටත් අපි පියවර ගන්නවා.

Similar Posts