හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය. නීතිඥයෙක් වූ ඒ මහතා, 1977 සිට 1983 දක්වා සහ 1997 සිට 2000 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද 2015 සැප්තැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේය. ඔහු යාපනයේ ශාන්ත පැට්රික් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද , කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, ත්‍රිකුණාමලයේ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. ඒ මහතාගේ අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අද දින දැනුම් දීමට නියමිතය.
Similar Posts
ජනපති සටනට 24ක්
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට සූදානම් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ නැග ඇත. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ එකොළොස් දෙනෙක්ද වෙනත් දේශපාලන පක්ෂවලින් අයෙක්ද ඡන්ද හිමියකු විසින් නාම යෝජනා කෙරුණු අපේක්ෂකයෝ දොළොස් දෙනෙක්ද මීට ඇතුළත් වෙති. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, සරත් කීර්තිරත්න, අනිල් හේරත්, ඒ.එස්.පී ලියනගේ, පී.ඩබ්ලිව් බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ…
මංගලාරාම විහාරස්ථානයේ කඨින පිංකම උත්කර්ෂවත් ලෙස පවත්වයි
හැටන් රුවන් පුර ශ්‍රි වීජය මංගලාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම අති උත්කර්ෂවත් ලෙස පැවැත්විමට හැටන් ආගිල්යා විලාහි සමණ්‍යධිකාරි ඇතුළු එහි කාර්ය මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. එම විහාරස්ථානයේ විහාරාධිපති නුවරඑළිය දිසාවේ උප ප්‍රධාන සංඝ නායක පන්නගමුවේ දයාවංශ නායක හිමියන්ගේ අනුසාසනා මත මෙවර වාර්ෂික කඨින පිංකම මේ මස 19හා 20වන දින පැවැත්විමට පියවර ගෙන ඇත. ඒ…
ප්‍රබල ඇමැති ගුවනින් යයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය. මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවි කරුණානායක මහතා පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම පිටව ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමිනි.
දියේ ගිලී තරුණයෙකු මරුට
වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පදින්නට ගිය තරුණයන් සිවු දෙනෙකු අතුරෙන් එක් තරුණයෙකු දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ තරුණයෙකි.ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙණුම ලැබූ සිසුවෙකු බව ඥාතීහු පැවසූහ. මරණයට පත්වූ සිසුවා වීරකැටිය ප්‍රදේශයේ මිතුරෙකු ගේ නිවසට…
නව ගුවන් හමුදාපති වැඩ බාරගැනීමට සුදානම්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ දැනට කටයුතු කරන්නේ ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේයි. වත්මන් ගුවන් හමුදාපති එයාර්මාෂල් සුදර්ශන් පතිරණ එළඹෙන 30 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබේ. ඒ අනුව මෙරට 19 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල්…