samurdi money meaning what is money in economics functions of money 15 definition of money types of money

රජය විසින් ඉකුත් වසර හතර තුළ (2019-2022) සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සඳහා විවිධ සමෘද්ධි සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1260ක් වැය කර ඇතත් 95 වර්ෂයේදී හඳුනාගත් සමෘද්ධිලාභීන් 312,307 දෙනෙකු 2023 වර්ෂය වන විට ද සවිබල ගැන්වීමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් සිටින බව ද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම සමෘද්ධිලාභීන් හඳුනා ගෙන වසර 29ක් ගතවී ඇතත් සවිබල ගැන්වීමකින් තොරව තවදුරටත් සහනාධාර ලබමින් ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2020, 2021, 2022 යන වර්ෂවල පිළිවෙළින් 1958ක්, 18,629ක් හා 21,189 දෙනෙකු වාර්ෂිකව සවිබල ගැන්වූ සමෘද්ධි සහනාධාර ලාභීන් ලෙස හඳුනාගෙන තිබිණි.

කෙසේ වුව ද සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් සිදුකරනු ලබන ව්‍යාපෘතිවලට සාපේක්ෂව ඉකුත් වර්ෂ තුන සවිබල ගැන්වීම අවම මට්ටමක පැවති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

More Stories