කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
සමෘද්ධි ප්‍රතිලාභි පවුල් ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවකට මේ යටතේ සහන සැලසෙන අතර ඒ සදහා රුපියල් මිලියන 20,000ක මුදල් වෙන් කර තිබේ.
මෙම සහන මුදල සදහා කිසිදු පොලියක් අය කර නොගන්නා අතර එම මුදල නැවත ගෙවීම සදහා මාස 18ක කාලයක් හිමිවන බව සඳහන් කරයි.