අන්තර්ජාලය භාවිත කරමින් සිදු කරන මූල්‍ය වංචාව පිළිබඳව නිරීක්ෂණය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් වැළැක්වීමට අවශ්‍ය පියවර අනුගමන කරන ලෙසටයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

යම් ආකාරයකින් මෙවැනි සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම පැමිණිල්ලක් ‌යොමු කළ යුතුයි.

අදාළ පැමිණිල්ල dir.ccid@police.gov.lk යන විද්‍යුත් ලිපියනයට මාර්ගගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකි බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

More Stories