sahal

සහල් මිල වැඩිනොකර ගොවීන්ට වී කිලෝවක් සඳහා රුපියල් 140 ක මිලක් ලබාදීම සඳහා කර්මාන්තකරුවන් වෙත සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර රජයෙන් ඉල්ලීමක් කරයි.

සෑම රුපියල් සියයක් සඳහා සහල් කර්මාන්තකරුවන්ගෙන් අයකරන රුපියල් 2 යි ශත 50 ක විශේෂ බද්ද ඉවත්කිරීම සහ වී තොග රැස්කිරීම සඳහා අයකරන පොලිය අඩු කිරීම ඇතුළු යෝජනා තුනක් ඊට ඇතුළත් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.

Similar Posts