සහල්,රතු පරිප්පු සහ සිනි තොග ලැබිමත් සමග එම ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පාරිභෝගිකයන් සතොස ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටිහ.
හැටන් සතොස ශාඛාවෙන් සැම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ 05 බැගින් , රතු පරිප්පු කිලෝවක් සහ දුඹුරු සිනි කිලෝවක් බැගින් නිකුත් කෙරිණ.
සැම එළවළු වර්ගයකම මිල ඉහල ගොස් ඇති බව එළවළු වෙළෙන්දන් සදහන් කරති.
තක්කාලි කිලෝවක් රු 800 , කැරට් කිලෝවක් රු 400 , මාළු මිරිස් කිලෝවක් රු 400 , බටු කිලෝවක් රු 450 , අර්තාපල් කිලෝවක් රු 300 , ලික්ස් , බිට්රුට් සහ ගෝවා කිලෝවක් රු 300 මිලකටත් , අමු මිරිස් කිලෝවක් රු 600 වැනි මිලකට අලෙවි වන බව එම වෙළෙදුන් කියා සිටියි.