සහල් සඳහා උපරිම මිලක් පැනවීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
ඔහු පැවසුවේ මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඟවා තිබූ ගබඩා පවා සොයා ගැනීමට නොහැකිවීම ඊට එක් හේතුවක් වීමට හැකි බවයි.
සහල් සඳහා උපරිම මිලක් පනවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය යළි අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට ඊයේ සිදුවුණා. ගොවීන් ඇතුළු කෘෂි ක්ෂේත්රයට සම්බන්ධ වෘත් තිය සමිති පවසන්නේ සහල් සඳහා මේ දක්වා ගැසට් පත්‍ර 10 ක් පමණ නිකුත් කර අවලංගු කර ඇති බවයි.
එවන් පසුබිමක මේ වන විට බොහෝ වෙළඳසැල්වල අලෙවි වන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඉකුත්දා ප්‍රකාශයට පත්කළ සහල් අලෙවි කිරීමේ උපරිම මිල ගණන් යටතේයී.