Tax

2025 අප්‍රේල් 1දා සිට ස්ථාවර තැන්පතු පොළියෙන් අයකරනු ලබන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩි කර තිබේ.

කෙසේ වෙතත්, කිසියම් පුද්ගලයකුගේ වාර්ෂිකව තක්සේරු වන ආදායම රු. 1,800,000ට හෙවත් රු. ලක්ෂ 18ට අඩු නම්, ස්ථාවර තැන්පතුවලින් අය කරනු ලබන පොළිය ආපසු ලබාගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා බැංකුවට හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ස්වයං ප්‍රකාශයක් සිදු කළ යුතුය. ඒ සඳහා කිසියම් වර්ෂයක අප්‍රේල් 1 සිට ඊළඟ වර්ෂයේ මාර්තු 31 දින දක්වා වර්ෂය තුළ තම ආදායම අදාළ වේ.

ඒ සඳහා අදාළ වන අයදුම් පත්‍රය මෙම සබැඳිය ඔස්සේ බාගත කරගත හැකිය.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය කරනු ලබන පුද්ගලයා බදු හඳුනාගැනීමේ අංකය හෙවත් TIN ඉදිරිපත් කළ යුතුය. එම අංකය ලබාගන්නා ආකාරය මෙසේය:

TIN අංකයක් ලබාගැනීම සඳහා මෙම සබැඳියේ ඇති අයදුම්පත බාගත කරගෙන එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්න. 

දැනට ඔබ සතුව TIN අංකයක් නොමැති නම් සහ එය ලබාගැනීමට අපහසු නම්, ඒ පිළිබඳ බැංකුවට දැනුම් දෙන්න. ඒ සඳහා මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විශාල පිරිසක් එක්රොක් වන බැවින් එසේ නොකරන ලෙස ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, තම තක්සේරු ආදායම රු. ලක්ෂ 18ට අඩු බවට වැරදි ප්‍රකාශයක් සිදු කළහොත්, දේශීය ආදායම් පනත අනුව දඬුවමට ලක්විය හැකි බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

More Stories