missing

මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයෙන් අතුරු දහන්ව සිටි පාසල් සිසුන් තිදෙනා මඩකලපුව චෙන්කල්අඩි ප්‍රදේශයේ රැකියාවක් සොයමින් සිටියදි එම ප්‍රදේශයේ කිපදෙනකු විසින් මඩකලපුව පොලිසියට බාර දිමට පියවර ගෙන ඇති.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය සාමිමලේ ගවරවිල විදුහලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 15ක සිසුන් තිදෙනකු නිවෙස්වලින් අතුරු දහන්ව ඇති බවට එම සිසුන්ගේ දෙමාපියන් විසින් මස්කෙළිය පොලිසියට පැමිණිලි කල බවත්ය.
එම පැමිණිලි මත එම සිසුඅන් සෙවිමට මස්කෙළිය පොලිසිය පරික්ෂන මෙහෙයවු බවත් එසේ පරික්ෂන සිදු කරන අතර එම සිසුන් තිදෙනා මඩකලපුව ප්‍රදේශයෙන් හමුව ඇති බවට මඩකලපුව පොලිසියෙන් තොරතුරු ලැබුන බවත්ය.
මෙම සිසුන් තිදෙනා මඩකලපුව චෙන්කල්අඩි ප්‍රදේශයේ රැකියාවන් සොයමින් සිටියදි 27වන දින රාත්‍රි 9.00ට පමන එම ප්‍රදේශයේ ප්‍රදේශවාසින් කිප දෙනකුට ඇතිවු සැකයන් මත මෙම සිසුන්ගෙන් ප්‍රශ්න කර එම සිසුන් මඩකලපුව පොලිසියට බාර දිමෙන් පසු මඩකලපුව පොලිසිය ඒ පිලිබදව මස්කෙළිය පොලිසිය දැනුවත් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා පවසන ලදි.
ඒ අනුව එම සිසුන් තිදෙනා එම සිසුන්ගේ දෙමාපියන්ට බාර දිමට පියවර බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts