mathpan hal

සැක සහිත ප්‍රදේශවල මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබන්නැයි ප්‍රාදේශීය සුරාබදු ප්‍රධානීන්ට උපදෙස් දුන් බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පැවැසීය.

මේ අනුව ප්‍රදේශ රැසක මත්පැන් අලෙවිසල්වලට දැනටමත් මුද්‍රා තබා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

කිසියම් මත්පැන් අලෙවි සලක් හොර රහසේ මත්පැන් විකුණන බවට තොරතුරු ලැබුණහොත් වහාම එම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තබා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ කුමාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට ප්‍රාදේශීය සුරාබදු අධිකාරිවරුන්ට බලය ලබා දී ඇතැයිද පැවසුවේය.

More Stories