ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෙවන වසර පුරා විද්‍යා විශේෂවේදි ගෞරව උපාධිය හදාරන උපාධි අපේක්ෂිකාවක වන ජේ. කේ. ධම්සරණි යන අය විසින් රචනා කරන ලද හෙළ කලාවේ සැගවුණු කලා අසිරිය-1 යන පොත එලි දැක්විම හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි සිදු කරන ලදි.
හැටන් ශා/ ගේබ්‍රියල් බාලිකා ජාතික පාසලේ ආදි සිසුවියක් වන ධම්සරණි සිසුවිය විසින් රචිත මෙම පොත තුලින් සදතඩපහණේ විකාශන අවධින් පිලිබදව ශාස්ත්‍රිය විග්‍රහයක් සිදු කර ඇති අතර මෙම පොත එලි දැක්විම ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක දර්ශණපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් ඇතුළු ගරුතර සංඝරත්නය, හැටන් ශා/ ගේබ්‍රියල් බාලිකා විදුහලේ විදුහල්පති දයා වීරතුංග මහත්මිය එහි ගුරුවරියන් පිරිසක් සිසුවියන් පිරිසක් අවට විදුහල් කිපයක විදුහල්පති ගුරුවරුන් හා සිසුන් පිරිසක් මෙන්ම ප්‍රදේශයේ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටින ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්