කොරෝනා ඇඳිරිනීතිය අස්සේ හංවැල්ල  වක් ඔය අසල නිධන්  හෑරූ කල්ලියක අයෙක් අත් අඩංගුවට ගෙන ඇති  අතර පස්දෙනෙකු පලාගොස් තිබෙි.

හංවැල්ල ,කක්කුටු දෙණිය රක්ෂිතයයේ  වක් ඔය  ආසන්නයේ විශාල  ගල් ලෙනක් තුළ නිධන්  හාරන බවට වලාන දුෂණ මර්දන  ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් අනුව  පසුගියදා රාත්‍රිය  පුරා වනයේ සැඟව සිට නිධන් හොරුන් අත් අඩංගුවට ගැනීමට කටයුතු  කර ඇත.

පොලිසිය  එම දුෂ්කර  ස්ථායට ළඟා වන විට නිධන් හෑරීමට සමිබන්ධවු  පුද්ගලයන් පස්දෙනෙකු  පමණ  පැන ගොස් ඇත.

අත් අඩංගුවට ගත්  සැකකරු  සමඟ නිධන් හෑරීමට යොදා ගත්  වතුර  මෝටරයක්,  ගල් විදින උපකරණ  දෙකක්, චෙින් බොලොක්කයක්  වයර්, ඇතුළු  ආයුධ  පොලිස් බාරයට ගෙන තිබෙි.

වලාන දුෂණ මර්දන  ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ  පොලිස් අධිකාරි  හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ  මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මෙම වැටලීමට සහභාගිවිය.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts