අස්වැසුම ප්රතිලාභ ලැබීමට සුදුසුකම් තිබියදී තවමත් එම ප්රතිලාභ නොලැබුණු පවුල් දස ලක්ෂයකට ලබන ජූලි මාසයේ සිට ගෙවීම් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවට එක් වූ අවස්ථාවේදීයි.
මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දෙවන වටය සඳහා අයදුම්පත් කැඳවීම මෙම වසරේ මුල් කාර්තුවේ සිදු කර, ජුනි මාසයේ අදාළ කටයුතු අවසන් කිරීමෙන් පසු ජූලි සිටම ගෙවීම් සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.