ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත අමාත්‍ය අජිත් පෙරේරා මහතා විසින් වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ නම ඡායාරූපයක් හා ප්‍රකාශයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළ කල පුවත්පත් දැන්වීමක් සම්බන්ධව අද දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කොට තිබේ. එකී දැන්වීම මගින් ධූරය දරණ හමුදාපතිවරයාව ජනාධීපතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ඒ මහතාගේ පැමිණිල්ලේ දැක්වෙයි. තවදුරටත් එකී පැමිණිල්ලේ දැක්වෙන්නේ එකී දැන්වීමේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප යොදා ගැනීමත් බරපතළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි.
ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව අධිකරණ නිලධාරියකු, සන්නද්ධ සේවා වල නිලධාරියකු, පොලිස් හමුදා නිලධාරියකු හා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිස් කටයුතු ඉටු කරන සාම නිලධාරියකු, වෘත්තීය සමිති ආඥා පනතේ 20 වන වගන්තියේ විග්රහ කර ඇති පරිදි බන්ධනාගාර නිලධාරියකු, රජයේ සේවය නියුක්ත මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධාරියකු හෝ මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරියකු (එහි සේවය කරන තාක් කල්) හට දේශපාලන අයිතිවාසිකම් හිමි නොවේ. එවැනි තැනැත්තකු මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවක යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම එකී තැනැත්තා සේවයෙන් පහ කිරීමේ දඩුවම ලැබීමට තරම් වරදක් සිදු කරන බවයි.
හමුදාපතිවරයා නොදැනුවත්ව මෙම දැන්වීමට ඔහුව යොදාගත්තේ නම් මෙම දැන්වීමට ඔහුව යොදා ගත්තේ නම් එය තවත් බරපතළ මැතිවරණ නීති උල්ලංඝනයක් වෙයි.
මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අජිත් පෙරේරා මහතා මැතිවරණ කොමිෂන් සභාවෙන් මෙම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.