හැටන් ප්‍රද්ශයෙන් කොවිඩ් 19 අසාධිතයන් 11 දෙනකු වාර්ථාවිමත් සමග තුන්වන දිනටත් හුදකලා වු හැටන් නගරය තව දුරටත් විෂබීජහරනයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දිකඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසයි.
හැටන් නගරයට පැලියගොඩින් මාළු රැගෙන පැමිනි මාළු ව්‍යාපාරියකුට කොවිඩ් 19 වැලදිමත් සමග ඔහුගේ සමිපතයන් පි. සි. ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් පසු 11 දෙනකු කොවිඩ් 19 අසාධියන් බවට හදුනා ගන්නා ලදි.
එම හදුනා ගැනිමත් සමග පසුගිය 27වන දින හැටන් නගරය හුදකලා නගරයක් බවට පත් කිරිමට යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පියවර ගන්නා ලදි.
හැටන් නගරය හුද කලා කිරිමෙන් පසුවද නගරයේ මෙන්ම නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාමිය ප්‍රදේශද විෂබිජ හරනයට ලක් කිරිමට පියවර ගන්නා බවත් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරිම සදහා ගත හැකි සැම පියවරක්ම ගැනිමට පියවර ගන්නා බවත් බාලචන්ද්‍රන් මහතා වැඩි දුරටත් පවසන ලදි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසන ලද්දේ හැටන් පොලිස් කොට්ඨාශයට අයත් හැටන්, බගවන්තලාව, මස්කෙළිය, ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් 19 දෙනකු වාර්ථාවි ඇති බවත්ය.
එමෙන්ම මෙම ප්‍රදේශවලින් එම කොවිඩ් අසාධිතයන් ඇසුරු කල පවුල් 216ක සමාජිකයන් 772 දෙනකු ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවද ඔහු පවසන ලදි.
හැටන් පොලිස් කොට්ඨාශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් මෙන්ම ප්‍රදේශයේ ආරක්ෂාව සදහා පවතින අවදානමද නොතකා දිවා රාත්‍රි පැය 24 පුරාවටම දැඩි කැපවිමකින් පොලිස් නිලධාරින් කටයුතු කරන බවද ඔහු තවදුරටත් පවසන ලදි.
මෙම තත්වයන් හමුවේ මුඛ ආවරණ පැලදිමකින් තොරව නිරෝධාන නිති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.
හැටන් නගරය හුදකලා කිරිමෙන් පසු නගරයේ කඩ වසා නගරය පාලුවට ගොස් ඇති අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්