වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට උපදෙස් ලබා දී තිබෙනවා.

විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 150 කට ආසන්න පිරිසකට පෙරේදා දින සිට උණ රෝගය සහ ස්වසන අපහසුතා ඇති විම හේතුවෙන් කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබන බවයි කොටගල ප්‍රාදේශිය රෝහල් ආරංචි මාර්ග පවසයි.

ශ්‍රි පාද විද්‍යා පිඨය තුල වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Similar Posts