හින්දු ජනතාවගේ දිපවාලි උත්සවය සදහා අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා පැමිනෙන ජනතාවට අවශ්‍ය බඩු භාන්ඩ විකිනිම සදහා මේ වන විට හැටන් නගරයේ තැන තැන තාවකාලික වෙළද කුටි ඉදි කිරිමට පියවර ගෙන ඇත.
හැටන් තරු චතුරස්‍රය, හැටන් වැන් නැවතුම්පල ආදිය මෙන්ම තවත් ස්ථාන කිපයක මෙසේ තාවකාලික වෙළද කුටි ඉදිකර ඇති අතර එම වෙළද කුටිවලින් තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා බොහෝ පිරිසක් පැමිනෙමින් සිටිති.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්