Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බව සඳහන්.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

More Stories