විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් 1 ට අගමැති ධුරයේ දිවුරැම් දීමට නියමිත අතර, අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධුරයේ අද වැඩ භාරගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලණ ආරංචි මාර්ග පවසයි.
අද පත්වීමට නියමිත තාවකාලික ආණ්ඩුවේ කැබිනට් මණඩලය සදහා 15 දෙනෙකු පත්කිරීමට නියමිත අතර, ඒ් සදහා දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර, විමල් වීරවංශ, ආරැමුගම් තොන්ඩමන්, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේම්ජයන්ත සමග පොදුජන පෙරමුණ නියෝජනය කරන ජේෂ්ඨයින් 7 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පතකිරීමට නියමිත බව වාර්තා වේ.
නව කැබිනට් මණ්ඩලය පත්වී පැය 2ක් ඇතුල සියලුම අමාත්‍යවරැ අදාල අමාත්‍යශංයන්ව වෙත ගොස් වැඩ ආරම්භ කළ යුතු බවට නව ජනාධිපතිවරයා විසින් දන්වා ඇතැයි ද වාර්තා වේ.