මාස හත­රක කාල­යක් පුරා තම ස්වාමියා අතු­රු­දන් වී සිටීම නිසා මින්නේ­රිය, සම­ඟි­පුර, සංඝ­මිත්තා මාවතේ පදිංචි සිව් දරු මවක දැඩි සේ අස­ර­ණ­භා­ව­යට පත්ව සිටී.

මෙසේ අතු­රු­දන්ව ඇත්තේ යුද හමු­දාවේ සිවිල් සේව­ක­යකු වන කෝනාර මුදි­ය­න්සේ­ලාගේ සෝම­ති­ලක බණ්ඩාර නමැති හත­ළිස් හැවි­රිදි පුද්ග­ල­යෙකි. අතු­රු­දන් තැනැ­ත්තාගේ බිරිය වන 37 හැවි­රිදි යූ.ජී. පුෂ්ප­ලතා මහ­ත්මිය මේ පිළි­බ­ඳව මෙලෙස අද­හස් දැක්වූ­වාය.

“මගේ මහ­ත්තයා අව­සන් වරට වැඩ කළේ මහ­නු­වර, පල්ලෙ­කැලේ ඉංජි­නේරු සේවා බළ­ග­ණයේ. දැන් මාස හත­රක් පුරා මහ­ත්තයා ගැන කිසිම තොර­තු­රක් නෑ. අපි මින්නේ­රිය පොලි­සියේ පැමි­ණි­ල්ල­කුත් කර තියෙ­නවා.

මහ­ත්තයා අතු­රු­දන් වීම නිසා මමත් දරු­වන් හතර දෙනත් අන්ත අස­රණ තත්ත්ව­යට පත්වෙලා ඉන්නේ. අපේ අම්මා ගාමන්ට් එකක වැඩ කරලා හොයා­ගන්න සල්ලි­ව­ලින් කීයක් හරි එව­නවා. ඒ සල්ලි­ව­ලින් තමා අපි ජීවත් වෙන්නේ. මගේ දරුවෝ හතර දෙනා තාම ඉන්නේ පොඩි වය­ස්වල. ලොකු දුවට අවු­රුදු 14යි. දෙවෙනි දුවට අවු­රුදු 08යි. ලොකු පුතාට අවු­රුදු 04යි. බාල පුතාට අවු­රුදු 02යි. දරු­වන් එක්ක අස­රණ වෙලා ඉන්න මට මහ­ත්තයා හොයා­ගන්න උදව් කරන්න.”

Similar Posts