පසුගිය 24 වනදා විදුලි අර්බුදය සම්බන්ධව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡවෙන් පසු ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට පියවර ගත්තා.
ඒ අනුව දින කිහිපයකට විදුලිය කප්පාදුවකින් තොරව ලබාදීමට අවශ්‍ය ඉන්ධන ලැබුණු බවයි විදුලිබල මණ්ඩලය සදහන් කළේ.
අදින් පසුව විදුලි කප්පාදුවක් සිදු කරනවා ද නැද්ද යන්න සම්බන්ධව ඉදිරි ඉන්ධන සැලපුම පිළිබද සළකා බලා තීරණය කරන බවයි එම කොමිසම සදහන් කළේ.