government information center

2015 වසරේ මහමැතිවරණයෙන් පත්වූ පාර්ලිමේන්තුවේ වසර 4යි මාස 6ක කාලය අදින් අවසන්වීමත් සමග ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට අද මධ්‍යම රාත්‍රියෙන් පසු බලය හිමිවනවා.

අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැර මහමැතිවරණයක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක වීමට නියමිතයි.

 

Similar Posts