දිස්ති‍්‍රක්ක 21 ක් සඳහා අද (06) රාතී‍්‍ර 08.00 සිට ලබන 11 වැනිදා අලූයම 05.00 දක්වා ඇඳිරි නීතිය පැනවෙනවා.
කෙසේවෙතත්, කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කලූතර සහ පුත්තලම යන දිස්ති‍්‍රක්කවලට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු කි‍්‍රයාත්මකයි.
ස්වයං නිරෝධායනයට යොමු කළ පිරිස් සඳහා ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවලදී නිවසින් පිටතට යාමට අවසර හිමි නොවන බවයි පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.