පැයකට සීමාවී ඇති විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 3 ත් 4 ත් දක්වා දීර්ඝ විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.
එවන් තත්ත්වයක් තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමෙන් අර්බුදය තවත් උග්‍ර වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමනි පැවැසුවේ ඩීසල් විදුලි බලාගාර සඳහා දැනට ලැබී ඇති ඉන්ධන අදට ප්‍රමාණවත් වන අතර ඉදිරි දිනවලට අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබීමට නියමිත බවයි.
ලංකා IOC සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීමට නොහැකි බවයි. ඒ, මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින්.
විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවැසුවේ කැලණිතිස්ස හා සපුගස්කන්ද බලාගාරවල මෙහෙයුම් කටයුතු සීමා කිරීමට සිදුවන බවයි.
මේ අතර හදිසි ඉන්ධන මිලදීගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාදීමට එකඟ වී ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.