අද(31) සිට ලබන 2 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, පොලිස් නිලධාරීන් 6000කට අධික පිරිසක් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බවයි.
පොලිස් නිලධාරීන්ට අමතරව රාජ්‍ය බුද්ධි නිලධාරීන් ද ඒ සඳහා යොදවා තිබේ.
නව වසරේ උදාවත් සමග ජනතාව කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වැඩි වශයෙන් ගැවසීම සිදුවන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.