දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල පවතින පූර්ව මෝසම් තත්ත්වය හේතුවෙන් අද සිට (18) ඉදිරි දින කිහිපය තුළ වැසි සහ සුළං තත්ත්වය වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල කිහිපයක දහවල් 12.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවද සඳහන්.
එමෙන්ම දකුණු පළාතේ විටින් විට පැයට කිලෝමීටර් 30 – 40 පමණ තරමක් තද සුළං බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ.
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් වර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ගංගා ආශ්රිත පහත්බ්ම්වල ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව සඳහන්.