e news paper

මහාධිකරණවල සහ මහෙස්ත්‍රාත් අධිකරණවල මේ වන විට විභාග වෙමින් පවතින ළමා අපයෝජන නඩු සංඛ්‍යාව විසි දහස් හැත්තෑ පහක් වෙයි.

මේ අතරින් මහාධිකරණවල පවතින නඩු සංඛ්‍යාව හත්දහස් හාරසිය අනූ පහක් වන අතර මහෙස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව දොළොස් දහස් පන්සිය අසූවකි.

මෙම වසරේ මේ දක්වා ළමා අපචාර පිළිබඳ පැමිණිලි 2751ක් පොලිසියට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙන අතර පසුගිය වසරේ එම පැමිණිලි සංඛ්‍යාව 9436ක් වී තිබේ. එම වසර දෙකේදීම වැඩිම පැමිණිලි සංඛ්‍යාව ලැබි ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර පසුගිය වසරේ එම සංඛ්‍යාව 1174ක් හා මෙම වසරේ මේ දක්වා 293ක් වෙයි.

එමෙන්ම මේ වසරේ මේ දක්වා ලිංගික හිංසනයට ලක්ව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව 538ක් වන අතර පසුගිය වසරේ එම සංඛ්‍යාව 1612ක් වී තිබේ.

මෙම තොරතුරු අනාවරණය වන්නේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම විසින් පාර්ලිමේන්තුවේදී ඊයේ (14 වැනිදා) අසා තිබූ ප්‍රශ්නයකට අදාළව සභාගත කරන ලද පිළිතුරකිනි.

Similar Posts