මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව පාසල්වලට නිර්දේශ නිකුත් කිරීම ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු ම පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, වෙත මෙලෙස නිර්දේශ නිකුත්කර තිබෙන්නේ.
අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළි මහනේ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වැලැක්විය යුතුයි.
වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීම වඩාත් සුදුසු වන බවත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
ඒ අනුව පිරිවෙන්, පාසල්වල අමතර ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේදී මෙම උපදෙස් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන මෙන් විදුහල්පතිවරුන් දැනුවත් කරන ලෙසද එම නිවේදනයේ සඳහන් වනවා.