මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල විටින් විට පවතින අධික මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම දිනවල හැටන් ආශ්රිත ප්‍රදේශයන් තුල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙහි මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත්ය.
වීශේෂයෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන, යන ප්‍රදේශවලත් හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය, යන ප්‍රදේශවලත් විටින් විට මාර්ගය නොපෙනි යන අකාරයෙන් දැඩිව මීදුම පවතින බවද ඔහු පැවසිය.
මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර මෙකි මාර්ගවල රථ වාහන ධාවනය කර විමේදි තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් කල්පනාකාරිව තම රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙස එකි මාර්ගවල රථ වාහන ධාවනය කරනු ලබන සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.