arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

බගවන්තලාව තෙරේසියා වතුයායේ මෝරා කොටසේ අනවසරයෙන් මැණික් ගැරිම්වල යෙදි සිටි පුද්ගලයන් දෙදෙනකු බගවන්තලාව පොලිසිය විසින් 10වන දින රාත්‍රියේදි අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු  බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ බගවන්තලාව තෙරේසියා වතුයායේ මෝරා  කොටසේ පිරිසක් බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් මැණික් ගැරිමක යෙදි සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි අනවසරයෙන් මැණික් ගැරිම්වල යෙදි සිටි පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බවත්ය.

එම සැකකරුවන් දෙදෙනා එම වතුයායේම පදිංචිකරුවන් බවත් එම දෙදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories