කෙසල්ගමු ඔය විනාශ කරමින් නොර්වුඩ් වෙන්චර් ප්රදේශයේදි අනවසර මැණික් ගැරිම්වල නිරතව සිටි තිදෙනකු නොර්වුඩ් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය ගලා බස්නා කෙසල්ගමු ඔය රක්ෂිතය විනාශ කරමින් නොර්වුඩ් වෙන්චර් ප්රදේශයේ අනවසර මැණික් ගැරිමක් සිදුවන බවට ලද තොරතුරක් මත 24වන දින රාත්රි එම ප්රදේශය වැටලිමට පියවර ගත් බවත්ය.
එම වැටලිමේදි අනවසර මැණික් ගැරිම්වල යෙදි සිටි තිදෙනකු අත් අඩංගුවට ගත් බවත් එම ස්ථානය වටලන අවස්ථාවේදි එම ස්ථානයට විදුලි රැහැන්ද ඇද තිබු බවත් එම විදුලි රැහැන් සමග අනවසර මැණික් ගැරිම්වල යෙදි සිටි සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බවත්ය.
මෙම ස්ථානයට ඇද තිබු විදුලි රැහැන් පිලිබදවද පරික්ෂන ආරම්භ කර ඇති බවත් මෙසේ අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් ගම්පල, පරකඩුව, බගවන්තලාව යන ප්රදේශවල පදිංචිකරුවන් බවත් මෙම සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්