කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් 4000 කලා කිව්වා. රහස් පොලිසිය දොස්තර සාෆි තවුහිද් ජමාද් සමග සම්බන්ධ නෑ කියද්දී ඊට උසාවියේ දී විරුද්ධ වුනා. ඔහුට විරුද්ධව සියලු මාධ්‍ය භාවිතා කරලා අවිද්‍යාව පැතිරුවා.

සම්ප්‍රදායික සිසේරියන් සැත්කමක් කරන විට වෘත්තීය අත්දැකීම් තියෙන වෘත්තිකයන් පස් දෙනෙක්වත් අවට සිටින නිසා කරන ලද චෝදනාව මිත්‍යාවක් පැවසීමට වෛද්‍යවරු පවා බිය වුනා.

සාෆීට එරෙහිව ආ සිසේරියන් සැත්කම් මිථ්‍යාව, වඳ කොත්තු, වඳ ඇඳුම් ගැන විශාල මිථ්‍යාවක් අන්තවාදීන් රටේ ජනමාධ්‍ය යොදා ගනිමින් පැතිරවනු ලැබුවා.

අන්තවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව හා ජනමාධ්‍ය අවභාවිතය සම්මන්ත්‍රණ ට සහභාගි වෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ මහාචාර්ය හේමන්ත සේනානායක මේ අදහස් පවසන ලදි. අයිතිය උදෙසා ජනමාධ්‍යවේදීන් විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන ලදි.

සුදේශ් ද සිල්වා

aithiya

Similar Posts