නැවත වතාවක් සීඝ්‍ර ලෙස කොවිඩ් 19 වෛරසය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැතිර යාම නිසා ගලෙන්බිදුනුවැව දික්වැව ගම්මානයට ඇතුළුවීම හා පිටවීම තහනම් කරමින් සංචරණ සිමා පනවා හුදකළා කිරීම සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ
ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දික්වැව ගම්මානය තුළ සිදුකළ අහඹු රැපිට් ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඩ් 19 ආසාධිත රෝගියෙකු හමුවීම මත සිදුකළ පරික්ෂණ සමග ගම්මානයේ කොරෝනා රෝගීන් පනහකට වැඩි පිරිසක් වාර්තා වීම සමග දික්වැව ගම්මානය හුදකලා කොට සංචාරණ සීමා පනවා පොලිස් බාධක යෙදවීමට කටයුතු කර තිබේ.
මේ වන විට එම ගම්මානයට පිවිසීමට ඇති සියලු මාර්ග අවහිර කර පොලිස් මාර්ග බාධක යොදා ඇති අයුරු එහි ගිය අපට දක්නට ලැබුණු අතර ඉදිරි දින 14ක කාලය දක්වා සංචරණ සිමා බල පැවැත්වන බව පොලිසි හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සදහන් කරයි.
අනුරාධපුර – මහේෂ් විජේසූරිය