කදුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කල අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පක්ෂ විනය උල්ලංගනය කරමින් කටයුතු කිරිම හේතුවෙන් එම මහත්මියගේ එම තනතුර තාවකාලිකව අත් හිටුවා විනය පරික්ෂනයක් පැවැත්විමට පියවර ගන්නා බව එම පෙරමුණෙ නායක සමගි ජන බල වේගයේ නුවරඑළි දිස්ත්‍රික් අපේක්ෂක වි. රාධා ක්‍රිෂ්නන්  මහතා පවසයි.

කදුරට ජනතා පෙරමුණ විසින් 07වන දින හැටන්හි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදි  වි. රාධා ක්‍රිෂ්නන් මහතාගේ ප්‍රධානත්වයේ  පැවති මාධ්‍ය හමුවකදි රාධා ක්‍රිෂ්නන් මහතා මේ බව පවසන ලදි.

අනුෂා වන්ද්‍රෙස්කරන් මහත්මිය මෙවර මැතිවරණය සදහා ස්වාධිනව තරග කිරිමත් සමග පක්ෂයට යම් බාධාවක් ඇතිවේද යන්න පිලිබදව කරන ලද විමසිමකදි ඒ මහතා මේ බව පවසන ලදි.

එය ප්‍රශ්නයක් නොවන බවත් පාර්ලීමේන්තු මැතිවරණය පැවැත්වෙන කාලය තුලදි පක්ෂයේ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය බැවින් තාවකාලිකව නියෝජ්‍ය ලේකම් තනතුර සදහා විජයචන්ද්‍රන් මහතා පත් කර ගත් බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි කදුරට ජනතා පෙරමුණේ සමාජිකත්වය තම ජයග්‍රහානය සදහා උපරිම ලෙස කැපවන බවට පොරෝන්දු වි ඇති බැවින් අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය වෙනම ඉල්ලිම බාධා නොවන බවද වි. රාධා ක්‍රිෂ්නන් මහතා  තව දුරටත් පවසන ලදි.

මෙම මාධ්‍ය හමුව සදහා එම පක්ෂයේ නිලධාරින් පිරිසක් හා ක්‍රියාකාරින් පිරිසක්ද එක්ව සිටින ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts