උත්සව සමයේ බස් රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

ඒ, පසුගිය දිනවල මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහනවලන් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින්.වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

එහිදී මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂා කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරීම, ධාවනය නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනය කිරීම ඇතුළු අනතුරුදායක තත්ත්වයෙන් රිය ධාවනය කරන පුද්ගලයන් පරීක්ෂා කිරීම සිදු කිරීමටයි සැලැසුම් කර ඇත්තේ.අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරනු ලබන රියැදුරන් සම්බන්ධයෙන් 119 සහ 1997 යන කෙටි දුරකතන අංකවලට තොරතුරු ලබා දිය හැකි බව ද පොලිසිය සඳහන් කරයි.

මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මගින් පොලිසිය වෙත එවීමේ හැකියාව පවතියි.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය 0718591741, රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂ 0718591967, බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ටාසයේ අධ්‍යක්ෂ 0718592857, බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718592278 යන දුරකතන අංකවලට තොරතුරු දැනුම්දිය හැකියි.

More Stories