පසු ගිය ජනාධිපති මැතිවරණයේදි ජය ගන්න බැරි බව හොදින්ම දැන සිටි රනිල්ට අවශ්‍ය වුනේ සජිත් ප්‍රේමදාස මහතාව පරාජයට පත්කිරිම බව සමගි ජනබල වේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එම්. උදයකුමාර් මහතා පවසයි.

හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. උදයකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

පසු ගිය ජනාධිපති මැතිවරණයේදි අනුර කුමාර දිසානායක මහතා ඡන්ද ලක්ෂ 46ක් ගන්න විට සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 32ක් ලබා ගත්තා එම මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද ලක්ෂ 22ක් ලබා ගත්තා .

එම මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ඉල්ලුවේ නැති නම් ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතායි දිනන්න බැරි බව දැන දැනත් ඡන්දය ඉල්ලපු රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය වුනේ සජිත් ප්‍රේමදාස මහතාව පරාජය කිරිමටයි.

මේ මැතිවරනයේදි රනිල් වික්‍රමසිංහ මහතාත් නැහැ අලියාත් නැහැ සිලින්ඩරයත් දැන් අනාත වෙලා ඉන්නේ එම නිසා මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි එදා රනිල්ට දුන්න ඡන්දත් සමගි ජනබල වේගයට ලැබෙන නිසා අපිට  බොහෝ දුරට පුලුවන් වනවා රජයක් පිහිටුවන්න.

අපි දුෂනයෙන් තොරව හොරුන් රකින්නේ නැතිවයි කටයුතු කරන්නේ එමෙන්ම හොද ආර්ථික සැලසුමක් මත මේ රට ගොඩ නගන්න අපි කටයුතු කරනවා අපිට මේ ඉන්න ජනාපති ගැන ගැටලුවක් නැහැ අපි සජිත් අගමැති කර මේ රට ගොඩ ගන්න කටයුතු කරනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කය පසු ගිය ජනාධිපති මැතිවරණයේදි ජය ගත්තේ සජිත් ප්‍රේමදාස මහතායි එම තත්වයන් මත මෙවරත් මෙම දිස්ත්‍රික්කය සමගි ජනබල වේගය ජයගන්නවා පසු ගිය කාලය පුරාවට මෙම ප්‍රදේශයේ ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන් ඉටු කලේ අපේ පුද්ගලික මුදල් යොදවලා මේ ජනතාවගේ ප්‍රශ්න පිලිබදව පාර්ලීමේන්තුව තුල වැඩි පුරම කතා කරලා තියෙන්නෙත් අපි.

එම තත්වයන් මත මෙම ප්‍රදේශයේ වතු කරය ගත්තත් ගම් ගත්තත් නගර ගත්තත් එහි වැඩි පිරිසක් ඉන්නේ අපි සමගයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories