අඹගමුව විදුහලේ අපොස සමන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටින සිසුවියන් දෙදෙනකු අතුරු දහන්ව ඇති බව එම සිසුවියන්ගේ භාරකරුවන් සිසුවියන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලිසියට පැමිනි කර ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ අඹගමුව විදුහලේ අපොස සමන්‍ය පෙළ විභාගය සදහා පෙනි සිටින අවුරුදු 17ක් වයසැති සිසුවියන් දෙදෙනකු 14වන දින වන විට අතුරු දහන්ව ඇති බවට එම සිසුවියන්ගේ මව හා ආච්චි විසින් ගිනිගත්හේන පොලිසියට පැමිනිලි කර ඇති බවත්ය.
අඹගමුව විදුහලේ ඉගෙනුම ලබන නාවලපිටිය නාගස්තැන්න පදිංචි සදුනි ඉසංකා හා අඹගමුව ආගරඔය පදිංචි නිමාෂා දේවින්දි යන සිසුවියන් දෙදෙනා මෙසේ අතුරු දහන්ව ඇති බවට එම සිසුවියන්ගේ මව හා ආචිචි විසින් පැමිනිලි කර ඇති බවත් එම සිසුවියන් සොයා ගිනිගත්හේන පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්