අබලන් තත්වයේ පවතින හැටන් පොංනගර් මාර්ගය නවිකරණ කිරිමට එම ප්‍රදේශයේ ජනතාව පියවර ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම ප්‍රදේශයේ ඉලංගෝ ගාන්ධි මහතා පවසන ලද්දේ මෙම මාර්ග කොටස දැනට වසර තුනකට අධික කාලයක් පුරාවට අබලන් තත්වයේ පැවතිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජිවත්වන පවුල් 250ක 300ක පමන පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම මාර්ග කොටස නවිකරනය කර දෙන ලෙස අදාල බලධාරින්ගෙන් අවස්ථා කිපයකදිම ඉල්ලිම් කලද මේ වන තෙක් එම ඉල්ලිම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුන බවත් එම තත්වයන් මත මෙම මාර්ගය නවිකරනය කිරිම පිලිබදව ප්‍රදේශයේ ජනතාව සමග සකච්චා කල බවත්ය.
එහිදි මුලින්ම මෙහි අබලන් තත්වයේ පවතින කාණු පද්දතිය නවිකරණය කිරිමට යෝජනාවු බවත් ඒ අනුව එම කාණු පද්දතිය නවිකරණය කිරිම සදහා රුපියල් ලක්ෂ පහක මුදලක් ප්‍රදේශයේ ජනතාවගෙන් එකතුවු බවත්.
එම මුදල උපයෝගි කර ගෙන මෙම මාර්ගයේ අබලන් කානු පද්දතිය කොන්ක්‍රිට් යොදා නවිකරණය කිරිමෙන් අනතුරුව ප්‍රදේශයේ ජනතාවගේ සහාය මත මාර්ගය නවිකරණය කිරිමට සැලසුම් කරන බවද ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts