සිංහල – බෞද්ධ කණ්ඩායම් පාලනය කිරිමට ගෝඨාභය රාජපක්ෂලා සහරාන්ලා රැගෙන ආ බවත්, බොදු බල සේනා සංවිධානය මෙන්ම ඉන්දියාවේ අන්තවාදී කණ්ඩායමක් වු සිවසේනා පක්ෂයත් ලංකාවට ගෙන ආවේ ගෝඨාභයලා විසින් බව පුරවැසි බලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

උතුරු, නැගෙනහිර සහෝදර දෙමළ කණ්ඩායම් විසින් ජනාධිපතිවරණය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර එය සැකසීමට මුල් වී ඇත්තේ ටී.එන්.ඒ එක ප්‍රමුඛ දෙමළ පක්ෂ කිහිපයක්. එහි සඳහන් කර ඇති ඇතැම් යෝජනා ගැන ගැටලුවක් නැති බවද ඔහු පැවසුවේය.

එහි ඇති එක් යෝජනාවක් වන්නේ නඩු දාන්න නොහැකිනම්, සාධක නැතිනම් ඒ දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙසත් දෙමළ තරුණයන්ගේ රැකියා ප්‍රශ්නය විසඳන ලෙසත්ය. එක්සත් රටක් ඇතුලේ බලය බෙදන්න කියන යෝජනා තිබෙන අතර යෝජනා ඉදිරිපත් කළ පමණින් කවුරුවත් එය ගෙඩි පිටින් නොකන බවද ඔහු පවසයි.

මොවුන්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහත්තයාට ලැබෙන කියන බයට මේ යෝජනාවලිය රට පාවලා දෙන එකක් බවත් ඊට සහාය දෙන්නේ කවුද කියා බලමු කියලා ඔවුන් දැන් පවසන බවද හෙතෙම පැවසීය.

More Stories