අම්බ­ල­න්තොට, වැලි­ප­ට­න්විල, උස­න්ගොඩ සංචා­රක බෝට්ටු නිෂ්පා­දන කම්හලේ මෙරට තරු­ණ­යන්ගේ දෑතින් නිම­වෙන සුඛෝ­ප­භෝගී සංචා­රක බෝට්ටු විදෙස් ආයෝ­ජ­ක­යන්ට ලබා දීම සිදු කෙරේ.

මෙලෙස මේ වසරේ ඉදි­කි­රීම් අව­සන් කරන ලද සංචා­රක බෝට්ටු­වක් කැරි­බි­යන් දූපත් ආශ්‍රිත කුර­සාමෝ දූපතේ සංචා­රක කර්මා­න්තය සඳහා විදෙස් ආයෝ­ජ­ක­ය­කුට ලබා දීම පසු­ගි­යදා සිදු විය. මුහුදේ පාවෙන අව­න්හ­ලක් ලෙසින් නිර්මා­ණය කර ඇති මෙම සංචා­රක මගී යාත්‍රාව තුළ එකවර­කට පුද්ග­ල­යන් 150කට පමණ සේවා සැප­යී­මට පහ­සු­කම් සලසා දිය හැකිය. දිගින් අඩි 78ක් පමණ වන මෙම සුඛෝ­ප­භෝගී යාත්‍රාව තුළ සේව­ක­යන්ගේ විවේ­කය සඳහා කාමර දෙකක්ද තනා ඇත.

වැලි­ප­ට­න්විල, උස­න්ගොඩ බෝට්ටු නිෂ්පා­දන කම්හලේ සාමා­න්‍යා­ධි­කාරි සමන් වීර­ව­ර්ධන මහතා මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් මෙසේ කියා සිටි­යේය.

“අපේ ප්‍රධාන කම්හල ගාල්ල කොග්ගල පිහිටා තිබෙ­නවා. උස­න්ගොඩ, වැලි­ප­ට­න්විල කම්හලේ නිෂ්පා­ද­නය කළ මේ වසරේ පළමු සංචා­රක බොට්ටුව මෙලෙස දියත් කිරීම සිදු කර­නවා. කම්හලේ තරු­ණ­යන් 250ක් පමණ රැකියා කර­නවා. ඒ අතර මෙම ප්‍රදේ­ශ­යේම අය බහු­ත­ර­යක් සිටි­නවා. සිය­ලුම ඉදි­කි­රීම් සිදු වන්නේ එම තරු­ණ­යන්ගේ දෑතින්. එයයි විශේ­ෂ­ත්වය. විදෙස් ශ්‍රමි­ක­යන් හා උප­දේ­ශ­ක­ව­රුන් මෙහි නැහැ. අපට විදෙස් ආයෝ­ජන ලැබෙ­නවා. ඒ අයගේ ඉල්ලීම් අනුව අප නිෂ්පා­ද­නය කර­නවා. දැන­ට­මත් තවත් බෝට්ටු 5ක් කම්හලේ වැඩ කර­මින් පව­ති­නවා. අද මෙසේ දියත් කරන සංචා­රක බෝට්ටුව, පාවෙන අව­හ­න්හ­ලක්. කැරි­බි­යන් දූපත් ආශ්‍රිත කුර­සාවෝ දූප­ත­ටයි මෙය ගෙන යන්නේ. ගොඩ­බිම තනන මෙම යාත්‍රාව මුහු­දට දියත් කිරී­මට විශාල මුද­ලක් වැය කිරී­මට අපට සිදු වුණා. ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් ප්‍රමා­ණ­වත් ලෙස නොති­බීම ගැට­ලු­වක්. මෙය විදෙස් විනි­මය මෙර­ටට ලබා ගැනී­මට ඇති හොඳම සහ පහ­සුම මාර්ග­යක්. මේ සඳහා රජය තවත් සහාය දක්ව­න­වා­නම් මෙම කර්මා­න්තය දියුණු කිරී­මට හා රැකියා ලබා දීමට හැකි වෙනවා.”

Similar Posts