Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

අම්ෆන් සුළි කුණාටුව අති ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයට ඔබ්බෙන් ඈත මුහුදේ ස්ථානගතවී ඇති බැවින් ප්‍රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සුළි කුණාටුවේ බලපෑමෙන් දකුණ , බස්නාහිර , සබරගමුව , මධ්‍යම හා වයඹ පළාත්වලත් තවත් දිස්ත්‍රික් කිහිපයකත් මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා..

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

More Stories