මේ වන විට අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යාමත් සමග එළවළු මිල ගණන්ද දැඩි ලෙස ඉහල ගොස් ඇත.
මේ වන විට අමු මිරිස් කිලෝව රුපියල් 1200ක්, බෝංචි, කැරට්, කරවිල, කිලෝව රුපියල් 600ත් 650ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 700ත් 750ත්, පතෝල කිලෝව රුපියල් 400ත් 420ත්, ලික්ස් කිලෝව රුපියල් 380ත් 400ත්, අළු කෙසල් කිලෝව රුපියල් 360ත් 380ත්, වැටකොළු කිලෝව රුපියල් 380ත් 400ත්, අවර කිලෝව රුපියල් 520ත් 550ත්, මඤ්ඤාක්කා කිලෝව රුපියල් 200ත් බතල කිලෝව 300ත් 320ත් අතර මිලකට අලෙවි වනු ඇත.
අමු මිරිස් හා එලවළු මිල ගනන් මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට එලවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත් ඇති බව සමහර පිරිස් පවසති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන එලවළු වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ මේ වන විට එලවළු තොග නිසි ලෙස වෙළද පලට නොලැබෙන බවත් එම තත්වයන් මත ලැබෙන එලවළු තොග මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත්ය.
එලවළු මිල ගනන් මෙසෙද් ඉහල යාමත් සමග එලවළු මිලදි ගැනිමට විශාල මුදලක් අවශ්‍ය බවත් එසේ විශාල මුදලක් වැය කර එලවළු තොග ලබා ගත්තද එලවළු අලෙවිය පහල බැසිමෙන් පාරිභෝගිකයන් මෙන්ම තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්