යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතාට පණවා ඇති තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි මෙරට අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කරයි.

ජාති බේද හා ආගම් බේදයක් නොමැති සියලු දෙනාගේ ආදරය දිනා ගත් හමුදාපතිවරයෙක් වන ඔහුට මෙවැනි තහංචියක් පැනවීම කිසිසේත් අනුමත නොකරන බව පැවසු උන්වහන්සේ‍, තානාපතිනියගෙන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර යුද හමුදාපතිවරයාට ඇති මෙම තහංචිය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බව කියා සිටියේය.

Similar Posts