අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය විසින් ඇතුළත් කර තිබේ.

එරට බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය මෙලෙස අමෙරිකානු එක්සත් ජනපදය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ එම නාමලේඛනය ප්‍රසිද්ධ කර ඇත්තේ ඊයේ(8) දිනයේය.

අමෙරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලයින් ගේ නාම ලැයිස්තුව පහතින් පරික්ෂා කළ හැකිය.

පසුගිය ජනාධිපතිවරණ  සමයේ සිවිල් සංවිධාන කිහිපයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේය.

එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණු අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තහවුරු කළේය.

https://www.federalregister.gov/documents/2020/05/08/2020-09814/quarterly-publication-of-individuals-who-have-chosen-to-expatriate-as-required-by-section-6039g

More Stories