මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් අඹගමුව ප්‍රදේශයේ සිදුව ඇති ජල ගැලිම් හේතුවෙන් එම ප්‍රදේශයේ කුඹුරු විනාශයට පත්ව ඇත.

මෙම ප්‍රදේශයන්ට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම ගංවතුර තර්ජන පවතින අතර ඉදිරියටද මෙසේ අධික වැසි පතිතවුවහොත් එම ප්‍රදේශයේ නිවාස කිපයටද ගංවතුර තර්ජන ඇතිවිමේ අවදානමක් පවතින බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මධ්‍යම කදුකරයට අධික වර්ෂාව

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළිඹ මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේ පස් කන්දක් මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ ගමනා ගමනයට 12වන දින බාධා එල්ලවිය.

මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම පස් කන්ද මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනයට මෙසේ බාධා එල්ලව ඇති අතර මාර්ගයට කඩා වැටි ඇති පස් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක පිරිස් යොදවා මෙම පස් ඉවත් කිරිමට පියවර ගන්නා බව ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

ජන ජිවිතයට විවිධ බාධා

හැටන් ප්‍රදේශයට දින කිපයක් පුරාවට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රදේශයේ දෛනික ජන ජිවිතයට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත.

මෙම වැසි හේතුවෙන් තමන්ට නිසි ලෙස කුලි වැඩක් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.

කොවිඩ් වසංගත තත්වයන් හමුවේ තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති අවස්ථාවක මෙම අධික වැසි හේතුවෙන් තමන් කබලෙන් ලිපට වැටි ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

train

චන්ද්‍ර සෙල්ලහේවා – හැටන්

More Stories