කොරෝනා වෛරසය ආසාදිතවු නාවික සෙබලකු ගමන් ගත් බසයේ පැමිනි අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලුන් දෙදෙනකු හා ඔවුන්ගේ පවුල් ස්වයං නිරෝධානයට ලක් කිරිමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ කොරෝනා වෛරසය අසාදිතවු නාවික හමුදා නිලධාරියකු ගමන් ගත් බස් රථයක මෙම නාවික හමුදා නිලධාරින් දෙදෙනාද ගමන් කර ඇති බවත් එම තත්වයන් මත මෙම නාවික හමුදා නිලධාරින් දෙදෙනා හා ඔවුන් ඇසුරු කල පවුල් හයක් ස්වයං නිරෝධනයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

එමෙන්ම මෙම පිරිස පි.සි.ආර්. පරික්ෂනයකට ලක් කිරිමටද පියවර ගත් බවත් එහි වාර්ථා පැමිනිමෙන් පසු ඉදිරි කටයුතු සිදුකිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts